වෛද්‍ය තොරතුරු

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම

වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකි ආයතන

ජපානයේ බොහෝ රෝහල් සහ සායන ඇත.
පොඩි අසනීපයක් හෝ තුවාලයක් උවහොත් ඔබ යායුතු වන්නේ ඔබට ලගම ඇති රෝහලටය.

වෛද්‍ය සායනයන්

ඔබ අසනීපයක් හෝ තුවාලයක් ගැන කනස්සල්ලට පත්ව සිටී නම්, අසල ඇති සායනයකට යන්න. ඔබට විශේෂිත ප්‍රතිකාර හෝ රෝහල් ගත කිරීම අවශ්‍ය නම්, සායනය ඔබව රෝහලකට යොමු කරනු ඇත. එහිදී සෑම විටම ඔබව යොමුකරන රෝහලට ලබාදීම සදහා වූ හැදින්විමේ ලිපියක්(යොමු ලිපියක් අවශ්‍ය විය හැක.) සායනයෙන් ලබා ගන්න.

කුඩා සහ මධ්‍යමප්‍රමාණයේ රෝහල්

ඔබට ශල්‍යකර්මයක් හෝ රෝහල් ගතවීමක් අවශ්‍ය නම් හෝ හදිසි රෝගාබාධ, තුවාල, විෂවීම් ආදිය හේතුවෙන් හදිසියේ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් ඔබට මෙවන් රෝහල් සදහා යා හැක. (වෛද්‍යවරයෙකුගේ යොමු ලිපියක් අවශ්‍ය විය හැක.)

විශාල ප්‍රමාණයේ රෝහල්

ඔබට ජීවිතයට තර්ජනයක් වන, බරපතල රෝගාබාධයක් හෝ තුවාලයක් සඳහා ප්‍රතිකාර අවශ්‍ය වූ විට හෝ ඔබට ඉහළ මට්ටමේ පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදු කිරීමට අවශ්‍ය වූ විට මෙවැනි රෝහල් සදහා යොමුවිය හැක.. (වෛද්‍යවරයෙකුගේ යොමු ලිපියක් අවශ්‍ය විය හැක.)

හදිසි අසනීපයක් හෝ තුවාලයක් හේතුවෙන් ඔබට හදිසියෙන් රෝහලට යාමට අවශ්‍ය වූ විට

හදිසි තත්වයන්” පිටුව බලන්න.

රෝහල් අංශයන්

සර්වාංග ශරීරය තුළ ඇතිවන රෝග (සෙම්ප්‍රතිශ්‍යාව ආදිය) සුව කරයි.
සැත්කම් තුවාල වලට ප්රතිකාර කිරීම හෝ ශල්යකර්ම සිදු කිරීම.
ළමා රෝග ළදරුවන් සහ ළමුන්ගේ රෝග සුව කරයි.
විකලාංග අස්ථි, සන්ධි, මාංශ පේශි ආදිය සුව කරයි.
අක්ෂි අක්ෂි රෝග සුව කරයි.
දන්ත දත් සම්බන්ධයෙන් හටගන්නා රෝග සුවකරයි.
ප්රසව හා නාරිවේදය කාන්තාවන්ට හටගන්නා රෝග හා දරුඋපත් වලදී

රෝහලට ගෙන යා යුතු දේ

  • සෞඛ්‍ය රක්‍ෂණ කාඩ්පත
  • හැඳුනුම්පත (පදිංචි කාඩ්පත, විදේශ ගමන් බලපත්‍රය, ක්‍රෙඩිට් කාඩ්, ආදිය)
  • මුදල් (සමහර සායන කාඩ් මගින් සිදුකරන ගෙවීම් පිළිගන්නේ නැත)
  • ඔබ දැනට ගන්නා ඖෂධ සහ ඖෂධ සටහන් පොත

වෛද්‍ය ප්‍රශ්නාවලිය ගැන

වෛද්‍ය ආයතනයේ පිළිගැනීමේ කවුන්ටරය මගින් ලබා දුන් ප්‍රශ්නාවලියෙහි ඔබේ රෝග ලක්ෂණ ලියන්න.

ඔබට විදේශීය භාෂාවකින් උපදෙස් ලබා ගත හැකි වෛද්ය ආයතනයක් සොයා ගන්න.

ඉබරකි ප්‍රාන්තයේ හදිසි වෛද්‍ය තොරතුරු පද්ධතිය Search for a doctor

ජපන්・ඉංග්‍රීසි

ජපානයේ ජාතික සංචාරක සංවිධානයේ වෙබ් අඩවිය

සමහර රෝහල්වල සහ සායනවල පරිවර්තකයන් ඇත, එබැවින් කරුණාකර ඔබේ පළාත් පාලන කාර්යාලය හෝ ජාත්‍යන්තර හුවමාරු සංගමය සමඟ සාකච්ඡා කර වැඩිවිස්තර දැනගන්න.

මේ හා සම්බන්ධ පරිගණක සබැදි

ඉබරකි ජාත්‍යන්තර හුවමාරු සංගමයේ වෛද්‍ය අත්පොත

මෙය රෝහල්වල මූලික ප්‍රතිචාර සහ විදේශ භාෂා සහ ජපන් භාෂාවෙන් රෝග ලක්ෂණ ප්‍රකාශ කිරීම සාරාංශ කරන පත්‍රිකාවකි. කරුණාකර එය රෝහලේ සන්නිවේදන මාධ්‍යයක් ලෙස පමණක් භාවිතා කරන්න.
ඉංග්‍රීසි, චීන, පෘතුගීසි, තායි, ටගාලොග්, ස්පාඤ්ඤ, කොරියානු, ඉන්දුනීසියානු සහ වියට්නාම යන භාෂාවලින් ලබා ගත හැකිය.

සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍යාංශය මගින් නිකුත්කරන

වෛද්‍ය ප්‍රශ්නාවලියට අමතරව, ඔබට ඉංග්‍රීසි, චීන, කොරියානු, පෘතුගීසි සහ ස්පාඤ්ඤ හා ජපන් භාෂාවෙන් වෛද්‍ය ආයතනයකට යන විට ප්‍රයෝජනවත්වන රෝහල්ගත කිරීමේ අයදුම්පත්, රිසිට්පත්, ඉන්වොයිසි සහ වෙනත් ද්‍රව්‍ය ඉහත පරිගණක යෙදුම ඔස්සේ බාගත කළ හැකිය.

විදේශිකයන් සඳහාවූ බහුභාෂා පැහැදිලි කිරීමේ ද්‍රව්‍ය

AMDA ජාත්‍යන්තර වෛද්‍ය තොරතුරු මධ්‍යස්ථානය

මෙය වෛද්‍ය ආයතන වෙත ජපන් භාෂාවෙන් කතා කිරීමට අපහසු විදේශිකයන්ට මග පෙන්වන NPOවක් බව කරුණාවෙන් සලකන්න.