හදිසි ආපදා තත්වයන්

හදිසි අනතුරක්, හදිසි අසනීපයක් හෝ බරපතල තුවාලයක් සිදු වූ විට

ඔබට ඔබගේ ජංගම දුරකථනය ඔස්සේ නොමිලේ 110 සහ 119 යන හදිසී ඇමතුම් අංකයන්ට ඇමතීමට හැකිය.

සැක සහිත සිදුවීමක් හෝ හදිසී අනතුරක දී

110 අමතන්න. (නොමිලේ)

110 යනු හදිසි ඇමතුම් අංකයකි. මෙය ඇමතුවිට පොලිසිය වහා ඔබසිටින ස්ථානයට පැමිණේ.

  • සිද්ධීන් (මංකොල්ලකෑම්, ලුහුබැඳීම, පැහැරගැනීම්, කුඩා දරුවන් පැහැරගැනීම, මුදල් වංචාව යනාදිය)
  • රිය අනතුරු
ඔබ දුරකථන ඇමතුම ලබාදීමේදී සදහන් කලයුතු තොරතුරැ
  • සිදුවුයේ කුමක්ද ( රියඅනතුරක්)
  • ඔබ සදහන් කරන විස්තරය කවදා, කොතනක, කීයට සිදුවූවක්ද යන්න.
  • ඔබ සිටින ස්ථානයේ තුවාල කරුවන් සිටීනම් ඔවුන් පිළිබද දැනුවත් කිරීම.
    (එම පුද්ගලයා පිරිමිද ගැහැනුද , කුමන වයසේ පසුවන කෙනෙක්ද යන්න,තවද ඔහුට/ඇයට සිදුවී ඇති තුවාලය පිළිබද)
  • ඔබගේ නම සහ දුරකථන අංකය

හදිසි රෝගාබාධයක් හෝ බරපතල තුවාලයකදී

119 අමතන්න. (නොමිලේ)

119 හදිසි ඇමතුම් අංකය ඇමතිය හැකි අතර ගිලන් රථ සේවාවද ලබාගත හැක。

ඔබ දුරකථන ඇමතුම ලබාදීමේදී සදහන් කලයුතු තොරතුරැ
  • මෙය හදිසි අවස්ථාවක්” යැයි පවසන්න。
  • ගිලන් රථය පැමිණීමට අවශ්‍ය ස්ථානය. (ලිපිනය)
  • ඔබ සිටින ස්ථානයේ තුවාල කරුවන් සිටීනම් ඔවුන් පිළිබද දැනුවත් කිරීම.
    (එම පුද්ගලයා පිරිමිද ගැහැනුද , කුමන වයසේ පසුවන කෙනෙක්ද යන්න,තවද ඔහුට/ඇයට සිදුවී ඇති තුවාලය පිළිබද)
  • ඔබගේ නම සහ දුරකථන අංකය

ගිලන් රථයක් ඇමතීම සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතී නම් පහත අoකයන් අමතන්න.

වැඩිහිටි හදිසි දුරකථන උපදේශනය#7119 (පැය 24 ම / දින 365)  
ළමා හදිසි දුරකථන උපදේශනය#8000 (පැය 24 ම / දින 365) 
සෙනසුරාදා, ඉරිදා හෝ රාත්‍රියේ ඔබ අසනීප වුවහොත්රාත්‍රී සායනය 

ජපන්

ගින්නක් ඇති වූ විට

119 අමතන්න. (නොමිලේ)

119 යනු හදිසී ඇමතුම් අංකයකි. මෙය ඇමතීමෙන් ගිනි නිවන රථ හා ගිලන් රථ ක්ෂණිකව ඔබ සිටින ස්ථානයට ගෙන්වා ගත හැක.

ඔබ දුරකථන ඇමතුම ලබාදීමේදී සදහන් කලයුතු තොරතුරැ
  • 「ගින්නක්」යැයි පවසන්න.
  • ගින්න ඇතිවූ ස්ථානය ( එහි ලිපිනය හා එය හටගත් ස්ථානය)
  • ඔබ සිටින ස්ථානයේ තුවාල කරුවන් සිටීනම් ඔවුන් පිළිබද දැනුවත් කිරීම.
    (එම පුද්ගලයා පිරිමිද ගැහැනුද , කුමන වයසේ පසුවන කෙනෙක්ද යන්න,තවද ඔහුට/ඇයට සිදුවී ඇති තුවාලය පිළිබද)
  • ඔබගේ නම සහ දුරකථන අංකය

ජංගම දුරකථනයකින් ඇමතුමක් ලබාගැනීමේදී

  • පොලිසියට, ගිලන් රථවලට සහ ගිනි නිවන රථවලට ඔවුන් පැමිණිය යුත්තේ කොතැනටදැයි පවසන්න. ඔබ ලිපිනය නොදන්නේ නම්, ඔබ සමීපයේ ඇති පහසුවෙන් තේරුම් හදුනාගතහැකි ගොඩනැගිල්ලක් හෝ බිම් සලකුණක් පිළිබද පවසන්න.
  • ඔබ දුරකථනය විසන්ධි කළ පසුව පවා, ඔබව පොලිසිය හෝ ගිනි නිවන දෙපාර්තමේන්තුව විසින් නැවත සම්බන්ධ කර ගත හැකිබැවින් ඔබගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත නොකර එම ස්ථානයේම රැදීසිටින්න.
  • ඔබ මාර්ගයේ රියපදවමින් සිටීනවිටදී දුරකථන ඇමතුමක් ලැබුනහොත් දුරකථන ඇමතුම ලබාගැනීමට පෙර ඔබගේ රථය මාර්ගයේ ආරක්ශිත ස්ථානයක නවතා එය ලබාගැනීමට කාරුණික වන්න.

මෙවන් කරුණු සදහන් වෙනත් වෙබ්අඩවි

ඉබරකි ප්‍රාන්තයේ හදිසි වෛද්‍ය තොරතුරු පද්ධතිය

ජපන්

ඉබරකි පොලිසිය – 110 හදිසීඇමතුම් අංකය භාශාවන් අනුව අමතන ආකාරයන්