හදිසි ආපදා තත්වයන්

ආපදාවකට සූදානම් වීම _ ආපදාවකට පෙර

ඔබට කල්තියා කළහැකි දේ

  • ආපදා වැළැක්වීමේ පුහුණු වැඩසටහන් හා සම්බන්ධ වීම. ආපදා නිවාරණ අභ්‍යාස පිළිබඳ තොරතුරු ඔබේ සේවා ස්ථාන, රජයේ කාර්යාල, ජාත්‍යන්තර හුවමාරු සංගම්, ජපන් භාෂා පන්ති ආදියෙන් විමසා දන ගැනීම.
  • අනතුරුදායක ස්ථාන මොනවාද, ඔබ ගමන් කළයුතු ආරක්ෂක ස්ථාන මොනවාද යන්න දැනගැනීමට [හැසාඩ් ලකුණු සහිත සිතියම] පරික්ෂා කරන්න.

    හැසාඩ් ලකුණු සහිත සිතියම(ජපන්)

  • My Timeline (ජලය නිසා ඇතිවන විපත් සඳහා ස්වයං සූදානම) සැලැස්මක් සාදාගන්න.

    My Timeline සාදාගැනීම. (ජපන්)

  • ඔබේ අසල්වැසියන් සමඟ දැන හඳුනා ගන්න.
  • ආපදාවකදී ඔබව සම්බන්ධ කර ගන්නේ කෙසේද යන්න ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ තීරණය කරන්න.
  • ඔබ ඔබේ පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් වෙන්ව සිටින විටකදී ආපදා අවස්තාවක් ඇතිවුවහොත් ඔවුන්සමග රැස් වීමට ස්ථානයක් කල්තබා තීරණය කරන්න.
  • ඔබට දරුවන් සිටී නම්, කරුණාකර පාසල අමතා එවැනි අවස්ථාවක පවුලේ අය අමතන්නේ කෙසේද ඔවුන් ඔබවෙත රැගෙන එන්නේ කෙසේදැයි පාසල් ගුරුවරයාගෙන් විමසන්න.
  • රජයේ කාර්යාල (නගර ශාලාව, ආදිය) සහ තානාපති කාර්යාලවල දුරකථන අංක සොයා ලග තබාගන්න.
  • කාමරයේ ඇති රාක්ක සහ ලාච්චු පෙරලීමෙන් වළක්වා ගැනීම වැනිදෑ මගින් ඔබ සිටින කාමරය ආරක්ෂිත කරගන්න.
  • මොචිදෂි බෑගයක් (පෙර සුදානම් බෑගයක්)” සකස් කර පහසුවෙන් සොයා ගත හැකි ස්ථානයක තබන්න.  

    මොචිදෂි බෑගයක් (පෙර සුදානම් බෑගයක්) සාදාගන්නා ආකාරය දැක්වෙන කාඩ්පත ( භාශා 7 කින් හා ජපන් භාෂාවෙන්)

  • දින 3 සිට සති 1 වැනි කාලයක් සදහා අවශ්‍ය ආහාර, ජලය, විදුලි පන්දම් සූදානම් කර ගන්න
  • මෝටර් රථයේ ඉන්ධන මීටරය අඩක් පමණ පිරී ඇති විට ටැංකිය සංපූර්ණයෙන්ම පිරවෙනතෙක් ඉන්ධන පුරවා තැබීමට වගබලා ගන්න.

ඉබරකි ජාත්‍යන්තර හුවමාරු සංගමයේ ආපදා අත්පොත

ඉබාරාකි ප්‍රාන්තයේ වෙසෙන විදේශිකයන් සඳහා ආපදා අත්පොත භාෂා 15 කින් ලබා ගත හැකිය.
අපගේ සංගමය මගින් ඉංග්‍රීසි භෂාවෙන් හා සරල ජපන් භාෂාවෙන් ලියවුන අනුවාදයන් ඇතුළුව භාෂා 10කින් මෙම ග්‍රන්ථය ලබාගත හැක. තවද, පහත දැක්වෙන භාෂා හැර වෙනත් භාෂා 5කින් ලියවුන අනුවාදයන්ද මෙහිදී ලබාගතහැකි අතර එම අනුවාදයන් ඉබරකි විශ්වවිද්‍යාලය මගින් වියාපෘතියක් ලෙස සකස්කර ග්‍රන්ථයන් වේ.
ඉංග්‍රීසි・චීන・පෘතුගීසි・තායි・ටගලොග්・ස්පාඤ්ඤය・කොරියානු・ඉන්දුනීසියානු・වියට්නාම・පහසු ජපන්・අනෙකුත් භාෂා (භාෂා 5)

සුළිසුලං හා අධික වර්ෂා තත්වයන්

  • ගිම්හාන සෘතුවේ සිට සරත් සෘතුව දක්වා කාලය යනු ජපානයේ සුළිසුලං බහුල කාලයකි.
  • සුලිසුළගක් පැමිණෙන විට තද සුළගක් හමන බැවින් පිටතට යෑමෙන් වළකින්න.
  • මුහුදු රල දැඩිවීම, ගංගාවන්හි ජලය වැඩිවීම වැනිදා සිදුවිය හැකිබැවින් මුහුද ආසන්න ස්ථාන හා ගංගා අසලට යාමෙන් වළකින්න.
  • තවද,නායයෑම් වැනිදැ සිදුවියහැකි බැවින් කදුකර ප්‍රදේශයන්ගෙන් ඉවත්වෙන්න.
  • ගංවතුර (ගංගා පිටාර ගැලීම) සහ නායයෑම් (කඳු කඩා වැටීම) සිදුවිය හැක. අනතුර සිදුවූයයේ කොතැනද සහ ආරකිෂිත ස්ථාන කොතැනදැයි පරීක්ෂා කිරීමට හැසාඩ් ලකුණු සහිත සිතියම භාවිතා කරන්න.
  • ඔබ සිටින්නේ ගංවතුර හෝ නායයෑම් සිදුවන අනතුරුදායක ප්‍රදේශයක නම් වහාම ආරක්ෂිත ස්ථානයකට ගමන් කරන්න.
洪水
ගංවතුර (ගංගා ජලය පිටාර ගැලීම)
土砂災害
නායයෑම් (කඳු කඩා වැටීම)

භූමිකම්පා

භූමිකම්පාවක් ඇතිවූවිට

ඔබ ගොඩනැගිල්ලක් තුළ සිටින්නේනම්
  • ඔබට ඔනෑම අවස්ථාවක පිටතට යාහැකි පරිදි දොර විවරකර තබන්න.
  • මෙවැනි අවස්ථාවන්හි ඔබ දෙසට භාණ්ඩ වැනිදැ වැටියහැකි බැවින් ඉක්මනින් මේසයක් යටට ගමන් කර සැගවෙන්න.
  • හෙලවීම නතරවූ වහාම ගැස් ලිප හා උදුන් වැනිදැ නිවා දමන්න.
  • භූමිකම්පාවක් ඇතිවූවිට හෙලවීම සම්පුර්ණයෙන් නතරවෙනතුරු පිටතට නොයන්න. මන්ද, එසේ නොකළේනම් ඔබ අවට විදුරු, සංඥා පුවරු යනාදිය ඔබදෙසට වැටී ඔබට තුවාල වියහැකි නිසා.
  • පිටතට පැන යාමට පෙර බ්රේකර් ස්විචය නිවා දමන්න.
地震が起こったとき
එළිමහනක සිටින විට
  • බෑගයක් හෝ පොතක් මගින් ඔබේ හිස ආවරණය කරගනිමින් වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න.
  • බිත්ති සහ ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර වලින් ඈත් වන්න. ඒ වගේම කඳු බෑවුම් සහ පස් කදු සහිත ස්ථානවලින් ඈත් වෙන්න.
  • භූමිකම්පාවක හේතුවෙන් දුම්රිය සහ බස් රථ නොතිබිය හැකිය. කරුණාකර සමාගමක් හෝ පාසලක් වැනි ආරක්ෂිත ස්ථානයක ටික වේලාවක් රැඳී සිටින්න. බොහෝ අය එකම වේලාවක නිවෙස් බලා ගමන් කිරීමට උත්සහ කරන බැවින්, දුම්රිය ස්ථාන සහ මාර්ග ජනාකීර්ණ වියහැකි අතර අනතුරුදායක වේ.
ඔබ රථවාහනයක් පදවමින් සිටින්නේ නම්
  • ආරක්ෂිත ස්ථානයක මෝටර් රථය නවතා එන්ජිම ක්‍රියා විරහිත කරන්න.
  • දොරට යතුරු නොදමා, මෝටර් රථයේ යතුර එයතුලම තබා පිටතට දුවන්න.
ඔබ මුහුදක් හෝ ගගක් අසල ජීවත් වන්නේනම්
  • මුහුද තුළ භූමිකම්පාවක් ඇතිවු විට සුනමිතත්වයක් හටගතහැකි බැවින් මගපෙන්වීම් වලට සවන් දී ඉහල ස්ථානයකට පලායන්න.
  • රූපවාහිනිය, අන්තර්ජාලය හෝ ස්මාර්ට්ෆෝන් ඇප් 「Safety tips」 එක භාවිතාකර තොරතුරු පරික්ෂා කරන්න.
  • සුනාමි අනතුරු ඇගවීමක් ලැබුනහොත් වහාම උස් ස්ථානයකට පලායන්න.
  • සුනාමි කිහිපවරක්ම පැමිණිය හැකිබැවින් එය අවසාන බව තහවුරු කරගැනීමෙන් පසුව තම නිවෙස් බලා යන්න.
  • තොරතුරු ලබාගැනිමට අපහසුනම් ජපන් ජතිකයෙකුගෙන් [ සුනාමිව දයිජෝබුදෙසුකා] යැයි අසා දැනගන්න.

ආරක්‍ෂිත ස්ථානයකට ගමන්කරන විට

  • ඔබ ආරක්ෂිත ස්ථානයක් නොදන්නේ නම්, ජපන් ජාතිකයෙකුගෙන් [දොකොනි නිගෙතර ඉඉදෙසුක?]යැයි විමසන්න.

භුමිකම්පාවක් ඇතිවුවිට

  • ඔබට ගෑස් ගඳක් දැනේ නම්, ගෑස් ලිප් දල්වීමෙන් වැලකින්න. මන්ද ගැස් නලයක් කැඩී ගැස් ඔබසිටින කාමරය තුලට කාන්දුවී තිබියහැකි බැවින්.
  • නාන කාමරය තුළ ඇති නාන තටාකයට හැකිතාක් ජලය පුරවා තබාගන්න. මන්ද භූමිකම්පාවකදී ජලනල අවහිරවී ජල සැපයුම නතරවීමටද ඉඩ ඇත.
  • ඔබේ නිවස විනාශ වී ඔබට තවදුරටත් එහි ජිවත් විය නොහැකිනම් ඔබට නගරයේ සරණාගත කදවුරුහී රැදීසිටිය හැක. මෙහිදී ඔබට අන්අය හා ජීවත් වීමට සිදුවන අතර ඔබට අහාරපාන නොමිලේ සැපයේ.

න්‍යෂ්ටික අනතුරු

ඉබරකි ප්‍රාන්තයේ න්‍යෂ්ටික බලාගාර පිහිටා ඇතිබැවින් න්‍යෂ්ටික අනතුරක් ඇතිවූවිට ඒවාගෙන් ප්‍රවේෂම් වීමට කටයුතු කරයුතු වේ.

න්‍යෂ්ටික අනතුරක් සිදු වූ විට

අනවශ්‍ය විකිරණවලට නිරාවරණය වීම වළක්වා ගැනීම සඳහා හැකි ඉක්මනින් ගොඩනැගිල්ලක් තුළට යන්න. සන්සුන්ව ක්‍රියා කර විදේශ භාෂාවලට සහය දක්වන රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි, රූපවාහිනිය සහ මොබයිල් ඇප් මගින් නිවැරදි තොරතුරු ලබා ගන්න.

ගොඩනැගිල්ලක් තුළ සිටින විට
  • දොරවල් සහ ජනෙල් වසා දමන්න. පිටතින් වාතය ඇතුල් වීමට හැකි ක්‍රම නතරකරන්න.
  • හැකිතාක් ජනේල අසලින් ඈත් වන්න.
  • පිටත සිට ආපසු පැමිණෙන අය තම අත් සහ මුහුණ හොඳින් සෝදා, ඇද සිටි ඇඳුම් මාරු කර, ඇඳුම් ගලවා ගත යුතුය. ) ඇඳසිටි ඇඳුම් ප්ලාස්ටික් බෑගයකට දමන්න.
එළිමහනක සිටින විට
  • ඔබට වහාම ගොඩනැගිල්ලට ඇතුළු වීමට නොහැකි නම්, විකිරණශීලී ද්‍රව්‍ය ආශ්වාස කිරීම වැලක්වීම සඳහා මුහුනුආවරණයක් පැළදීම හෝ තෙත් තුවායකින් හෝ අත් ලේන්සුවකින් ඔබේ මුඛය සහ නාසය වසා ගැනීමට කටයුතු කරන්න.

 

පරිගණක සබැඳියන්

විපතකට පෙර

කැබිනට් කාර්යාලය (Nai Kakufu) ආපදා කාලවලදී ප්‍රයෝජනවත් මොබයිල් ඇප් සහ වෙබ් අඩවි (භාෂා 15)

ජපානයේ ආපදා තොරතුරු සපයන ස්මාර්ට්ෆෝන් ඇප් සහ වෙබ් අඩවි හඳුන්වා දෙන පත්‍රිකාව.

භාෂා 15

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියේ ආපදා තොරතුරු වෙබ් අඩවිය

කාලගුණ වෙනස්වීම් (ගංවතුර, අධික වර්ෂාව, අධික උෂ්ණත්වය, ආදිය), භූමිකම්පා, සුනාමි සහ ගිනි කඳු පිළිබඳ තොරතුරු

භාෂා 15 කින්

ඉබරකි ප්‍රාන්තයේ ආපදා වැළැක්වීම/අර්බුද කළමනාකරණ ද්වාර අඩවිය

සිතියම මගින්ප්‍රාන්තයේ සියලුම නගර සහ ගම්වල වත්මන් තත්ත්වය ඔබට පරීක්ෂා කළ හැකිය.

භාෂා 10 කින්

茨城県内指定してい避難所情報

茨城県内の避難所・避難場所が書いてあるリストです。

ජපන්

ඉබරකි ප්‍රාන්තයේ න්‍යෂ්ඨික බලාගාර පිළිබද තොරතුරු

ජපන්

ෂිගා ජාත්යන්තර සංගමය| මොචිදෂි බෑගය පිළියෙළ කරගන්නා ආකාරය පැහැදිලි කරන කාඩ්පත්

භාෂා 7 ක් හා පහසු ජපන් වලින්

මොබයිල් ඇප්

විදේශීය සංචාරකයින් සඳහා Push-type තොරතුරු බෙදා හැරීම (භාෂා 14කින්)