හදිසි ආපදා තත්වයන්

ආපදා අවස්ථාවකදී

සුළි කුණාටුවක්, අධික වර්ෂාවක් හෝ භූමිකම්පාවක් වැනි විශාල ව්යසනයක් සිදු වූ විට

  • ඔබට විදුලිය, ගෑස් හෝ ජලය භාවිතා කිරීමට නොහැකි වනු ඇත.
  • දුරකථන භාවිතය හෝ අන්තර්ජාලයට සම්බන්ධ වීමට අපහසු වේ.
  • මාර්ග අවහිරවීම, පොදු ප්‍රවාහන සේවා අඩාල වීම.
  • ගොඩනැගිලි කැඩී යාම හෝ කඩාවැටීම.

සෑම විටම නිවැරදි තොරතුරු රැස් කරන්න.

විදේශ භාෂාවලට සහාය දක්වන රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි, රූපවාහිනී සහ ඇප් භාවිතයෙන් නිවැරදි තොරතුරු රැස් කරගන්න.

තොරතුරු පරීක්ෂා කිරීම පහසු කරන වෙබ් අඩවි සහ ඇප්

විදේශීය සංචාරකයින් සඳහා ආපදා තොරතුරු සැපයීමේ ඇප් වර්ගයක් වන Safety tips( භාෂා 14කින්)

ආරක්ෂිත ස්ථානයකට ගමන් කරන්න. (සිටින ස්ථානයෙන් ඉවත්වන්න)

  • ගෑස් ලිප් හා උදුන්වල ගින්දර නිමා දමා ඔබ සිටින ස්ථානයෙන් ඉවත්වන්න.
  • ඔබ ආරක්ශිත ස්ථානයකට ගමන් කරනවිට ඔබ අවට ආරක්ෂාව පිළිබදවද සැලකිලිමත් වන්න.
  • ඔබ ආරක්ශිත ස්ථානයකට ගමන්කරනවිට හැකිතාක් ඔබසමග ගෙනයන භාණ්ඩ සීමා කරන්න.
  • භාණ්ඩ රැගෙන යාමේදී ඔබගේ දෑත් දෙකම භාවිතාකරහැකිවන පරිදි කර බෑගයක් තෝරාගන්න.
  • ඔබ ආරක්ෂිත ස්ථානයට යාමට නොදන්නේ නම්, ජපන් ජාතිකයන්ගෙන් “මම යා යුත්තේ කොතනටද?”යන්න විමසන්න.

ආපදා අවස්ථාවක ඔබට පවුලේ අය හා යහළුවන් සම්බන්ධ කරගැනීමට අවශ්‍යවූ විට.

  • දුරකථනයෙන් සම්බන්ධ වීමට අපහසු වේ.
  • පොදු දුරකතනයක් ( Pay phone) භාවිතා කිරීම තුලින් ඔබට ඔබගේ පවුලේ අය හා සමිපතයන් සමග සම්බන්ධවීමට පහසු වේ.
  • 「ආපදා පණිවිඩ ඇමතුම් අංකය 171හෝ Web171」භාවිතා කරන්න.
  • පොදු දුරකතනයක් ( Pay phone) තිබෙන ස්ථානයක් සොයාගැනීම.

    NTTදුරකථන ස්ථාන වෙබ්අඩවිය මගින් පොදු දුරකථන ඇති ස්ථාන හදුනාගත හැක.(ජපන්)

  • ආපදා පණිවිඩ ඇමතුම් අංකය 171හෝ Web171 අමතන්න
    ආපදා පණිවිඩ ඇමතුම් අංකය 171
    171 ඇමතීමෙන් ඔබගේ සමිපයන් වෙත පණිවිඩ යැවීමට හා පණිවිඩ ගෙන්වා ගැනීමට හැකිවේ.

    ජපන්

    ඉංග්‍රීසි

    ආපදා පණිවිඩ සම්බන්ද වෙබ්අඩවිය – 171
    මෙහිදී ඔබට දුරකථනය හා පරිගණකය භාවිතාකරමින් පණිවිඩය අකුරින් ලිවිය හැක.

    ජපන් / ඉංග්රීසි / කොරියානු / චීන

    ආපදා පණිවිඩ ඇමතුම් අංක 「171」 හා「Web171」භාවිතාකරන ආකාරය දැක්වෙන වීඩියෝව
    මෙහි දැක්වෙන වීඩියෝව මගින් ආපදා පණිවිඩ ඇමතුම් අංක 171හා Web171 භාවිතා කරන ආකාරය පිළිබද පැහැදිලි කෙරේ.

    ජපන්

ඔබගේ පවුලේ අය සහ මිතුරන් ආරක්ෂිත දැයි විමසා බලන්න.

Google person finder (අතුරුදහන් පුද්ගලයන් සොයාගැනීම)

බහුභාෂා

ආපදා සහතිකයක් අයදුම් කිරීම.

ඔබ ජීවත් වූ නිවස භූමිකම්පාවක්, සුළි කුණාටුවක්, අධික වර්ෂාවක් හෝ ගින්නක් වැනි විශාල ව්‍යසනයකින් හානියට පත් වූ නිසා ඔබ රජයේන් උපකාර මුදල් ලබාගැනීමට බලපොරොත්තුවේනම් ඒ සඳහා ඉල්ලුම් කරන විට ආපදා සහතිකය අවශ්‍ය වේ. ඔබ ජීවත් වන නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එය අයදුම් කළ හැක.

අයදුම් කරන ආකාරය විමසීමට පහත වෙබ්අඩවිය වෙත පිවිසෙන්න. (භාෂා 10 කින්)