රජයේ කාර්යාල ක්‍රියා පටිපාටි

පදිංචිය පිළිබද කාඩ්පත

පදිංචිය පිළිබද කාඩ්පත යනු

  • “පදිංචි කාඩ්පත” යනු ජපානයේ මාස 3කට වඩා වැඩි කාලයක් ජීවත් වූ විදේශිකයන් සඳහා වන හැඳුනුම්පතකි.
  • ඔබේ නම, ජාතිකත්වය, ලිපිනය යනාදිය “පදිංච් කාඩ්පත” මත ලියා ඇත.
  • ඔබගේ “පදිංචි කාඩ්පත” බැලීමෙන් ඔබට ජපානයේ ඇති සුදුසුකම් මොනවාද, ඔබට රැකියාවක් කළ හැකිද, ඔබට කුමන ආකාරයේ රැකියාවක් කළ හැකිද සහ ඔබට ජපානයේ කොපමණ කාලයක් රැඳී සිටිය හැකිද යන්න සොයා ගත හැක.
在留カード(おもて)
在留カード(うら)

පදිංචි සුදුසුකම

ජපානයේ කළ හැකි ක්‍රියාකාරකම්
※ඔබට ඔබගේ පදිංචි සුදුසුකම හා සම්බන්ධ ක්‍රියාකාරකම් හැර වෙනත් ක්‍රියාකාරකම්වල නිරත වීම හෝ රැකියාවන් වල නිරත වීමට නොහැකිය.

රැඳී සිටින කාලය

ඔබට ජපානයේ රැඳී සිටිය හැකි අවසාන දිනය (“රැඳී සිටින කාලය කල් ඉකුත්වන දිනය”)

පදිංචි කාඩ්පත හා සම්බන්ධ නීති

  • වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින් එය සැමවිටම ලගතබාගත යුතුය.
  • ආගමන විගමන හෝ පොලිස් නිලධාරියෙකු ඔබෙන් එය ඉල්ලා සිටියහොත්, ඔබ එය පෙන්විය යුතුය.
  • ඔබගේ කාඩ්පත වෙනකෙකුට දීම හෝ වෙනකෙකුගේ කාඩ්පතක් ලගතබා ගැනීම කිසිසේත්ම නොකලයුතුය.
  • මෙහි ලියාඇති කරුණු වෙනස්කිරීම හෝ එය අනවසරයෙන් සැදීම නොකරයුතුය.

පදිංචිය පිළිබද කාඩ්පත ලබාගැනීම

  • ඔබ Narita, Haneda, Chubu, Kansai, New Chitose, Hiroshima හෝ Fukuoka ගුවන් තොටුපළ හරහා ජපානය වෙත පැමිණෙන විට, ඔබට ගුවන් තොටුපළේදී පදිංචිය පිළිබද කාඩ්පතක් ලබාදෙනු ඇත. ඊට පසු, දින 14ක් ඇතුළත ඔබ ජීවත් වන ප්‍රදේශයේ ශියකුශෝව වෙත ගොස් ජපානයට පැමිණීම පිළිබඳ දැනුම්දීමක් කරන්න.
  • ඔබ ඉහත සදහන් කරන ලද ගුවන්තොටුපොලවල් හැර වෙනත් ගුවන්තොටුපොලක් වෙත ගොඩබසීනම් ඉන්පසු දින 14ක් ඇතුළත ඔබ ජීවත්වන ශියකුශෝව වෙත ඔබ ජපානයට අලුතින් ඇතුවූ කෙනෙක් බවට දැනුම්දීමක් ඉදිරිපත් කරන්න.

පදිංචිය පිළිබද කාඩ්පත නැතිවූ විට

① පලමුව ඔබ මෙය ලගම ඇති පොලිස් ස්ථානයකට වාර්තා කර පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ඉන්පසු එහි සදහන් පැමිණිලි අංකය ළගතබා ගන්න.

② එය නැතිවූ දින සිට දින 14ක් තුළ එය නැතිවූ බව සදහන් කරමින් නව කාඩ්පතක් ජපානයේ ආගමන විගමන කාර්යාලයෙන් ලබාගන්න.

ආගමන විගමන කාර්යාලය වෙත රැගෙන යායුතු දෑ

  • ගමන් බලපත්‍රය
  • ඔබේ මුහුණේ ඡායාරූපයක්
    (දිග 4cm, පළල 3cm, මාස 3ක් ඇතුළත ගන්නා ලද චායාරූපයක් වීම.)
  • පොලිසිය මගින් ලබාදෙන ලද පැමිණිලි පත්‍රය

ආගමන විගමන කාර්යාලය පිහිටා ඇති ස්ථානය

ටෝකියෝ ආගමන කාර්යාංශය (ජපන්)

ජපන්

ටෝකියෝ ප්‍රාදේශීය ආගමන කාර්යාංශය Mito ශාඛා කාර්යාලය (ජපන්)

ජපන්

පදිංචිය පිළිබද කාඩ්පත තුළ සදහන් කරුණු වෙනස්කිරීමට අවශ්‍යවූ විට

ඔබේ පදිංචි කාඩ්පතේ (පදිංච් තත්ත්වය, රැඳී සිටින කාලය, නම, ජාතිකත්වය, ලිපිනය) ලියා ඇති තොරතුරු වෙනස් කිරීමට ඔබට අවශ්‍ය නම්, ටෝකියෝ ප්‍රාදේශීය ආගමන කාර්යාංශයට හෝ ටෝකියෝ ප්‍රාදේශීය ආගමන කාර්යාංශයේ Mito ශාඛාවට ගොස් අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන්න.
වැඩි විස්තර සදහා ‘ එදිනෙදා ජීවිතය හා රැකියා සම්බන්ධ මාර්ගෝපදේශය` බලන්න. එහි විවිධ භාශාවන් උපයෝගී කරගනිමින් කරුණු පැහැදිලි කර ඇත.

[ එදිනෙදා ජීවිතය හා රැකියා සම්බන්ධ මාර්ගෝපදේශය] (විවිධ භාෂා වලින්)

පදිංචිය පිළිබද කාඩ්පත සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීමට

විදේශ නේවාසික තොරතුරු මධ්‍යස්ථානය (ජපන්)

දුරකථන අංකය

0570-013904 (IP、PHS:03-5796-7112)

  • වෙලාව
    සදුදා සිට සිකුරාදා දක්වා (පෙ.ව 8:30 සිට ප.ව 5:15 දක්වා)
  • භාෂා
    ජපන්, ඉංග්‍රීසි, චීන, කොරියානු, ස්පාඤ්ඤ, පෘතුගීසි, වියට්නාම, පිලිපීන, නේපාල, ඉන්දුනීසියානු, තායි, ඛමර් (කාම්බෝජය), බුරුම, මොන්ගෝලියානු, ප්‍රංශ, සිංහල , උර්දු

ඊමේල් හරහා

තැපැල් ලිපිනය:info-tokyo@i.moj.go.jp

  • ජපන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඔබේ අදහස් යොමුකරන්න.
  • ඊමේල්හරහා සාකච්චා කරහැකිකරුණු සීමාසහිතවේ.වැඩි විස්තර සදහා තොරතුරු මද්‍යස්ථායේ වෙබ්අඩවිය බලන්න.