විදේශිකයන් සඳහා නොමිලේ විශේෂඥ උපදේශන දිනය
චිකුසේයි නගරයේ විදේශිකයන් සඳහා නොමිලේ පවත්වනු ලබන එක් දින විශේෂඥ උපදේශනය
ඔබට විවිධ අංශයන්ට අදාල විශේෂඥයන් හා කථාකිරීමට හැකි අතර එහිදී පරිවර්තකයෙකුද ලබාගත හැක. සියලුම සේවා නොමිලේ වන අතර ඔබ ලබා දෙන සියලු තොරතුරු රහසිගත වේ.
ඔබට උපදේශනය ලබාගත හැකි දිනය
ඔක්තෝබර් 18, 2026 (ඉරිදා) 10:00 – 15:00
(ලියාපදිංචිය 14:30 දක්වා)
ස්ථානය
ෂිමොදාතේ චීකි කෝර්යූ සෙන්ටා ආරුටෙරියෝ (චිකුසේයිෂි හෙයි 372)
දුරකථන අංකය
070-4002-2547
(මෙම අංකයට කතාකර හැකි වන්නේ ඔක්තෝබර් 18 වැනිදා පමණි.)
ඔබට උපදේශනය ලබාගත හැකි අංශයන්
වීසා, රැකියාව, විවාහය, බදු, රක්ෂණ සහ එදිනෙදා ජීවිතයේ ගැටලු ගැන කතා කළ හැකිය.