トピックス

ජාතික රථවාහන ආරක්ෂණ ව්‍යාපාරය

2022/9/21දැනුම්දීම

සෑම වසන්ත හා සරත් සෘතුවේම, රට පුරා “මාර්ග නීතිවලට කීකරු වීම” සහ “මාර්ග අනතුරු වළක්වා ගැනීම” පිළිබද ජනතාව දැනුවත් කරමින් සිටී.
මෙම කාලය තුළ රථවාහන පාලනය සම්බන්ධයෙන් පොලිසිය වඩාත් දැඩිව ක්‍රියා කරනු ඇත.
විශේෂයෙන්ම මෝටර් රථයක් පදවන විට නීති රීති පිළිපදිමින් ආරක්ෂිතව රිය පැදවීමට වගබලා ගන්න.

පදිකයන් ලෙස සැලකිලිමත් වීයයුතු කරුණු .

  • පාර හරහා යන විට පදික මාරුව හරහා පාර මාරුවන්න.
  • මාර්ග සංඥා අනුගමනය කරන්න
  • ළමයින් පාරට පැනීම වැළැක්වීම. (රථවාහන ආරක්ෂණ අධ්‍යාපනය නිසිලෙස ලබාදීම)
  • ඔබ මහලුවියේ පසුවන්නෙක් නම් ශාරීරික තත්වය ගැන සැලකිලිමත් විය යුතුය.

මෝටර් රථයක් පැදවීමේදී සැලකිලිමත් වියයුතු කරුණු

  • පදිකයින් සහ අනෙකුත් වාහන සඳහා සැමවිටම අවදානය යොමුකරන්න. හැකි සෑම විටම ඔවුන් සදහා ඉඩ සකසා දෙන්න.
  • පාර හරහා යන පදිකයින්ට හරස් මාර්ගවලදී ප්‍රමුඛත්වය ලැබේ. එබැවින් මෝටර් රථය නතර කර පදිකයින් පාර මාරුවීම අවසන් වන තෙක් බලා සිටින්න.
  • මත්පැන් පානය කර රිය පැදවීමෙන් වලකින්න.
  • මෝටර් රථයේ ගමන් ගන්නා විට ආසන පටි සවි කරගන්න.

※ඔබ මෝටර් රථයක් ධාවනය කරනවිට ඒ සදහා අනිවාර්යෙන්ම [අනිවාර්ය රථවාහන වගකීම් රක්ෂණයක්] හා [ස්වේච්ඡා රකිෂණය] යනුවෙන් රක්ෂණ දෙකක් ලබාගැනීමට අවශ්‍ය වේ.
※[අනිවාර්ය රථවාහන වගකීම් රක්ෂණයක්] තුලින් පුද්ගල හානි පමණක් සදහා වන්දී ලබාදේ. (භාණ්ඞ ආවරණය නොවේ) . මේනිසා ඉහත ආරක්ෂණ 2කම ලබාගෙන තිබිමෙන් ඔබ අතින් අවට ගොඩනැගිල්ලක් හෝ අනෙකාගේ රථයට හානි වුවහොත් එය සතු වන්දි රක්ෂණය තුලින් ලබාගැනීමට හැකිවේ.

පාපැදියක් පැදවීමේදී සලකිලිමත් වියයුතු කරුණු

  • මාර්ගයේ වම් පසින් ධාවනය කරන්න.
  • දෙදෙනෙක් එකවර ගමන් කිරීම, රාත්‍රියේදී විදුලිය නොමැතිව ගමන් කිරීම හා බීමතින් පාපැදි ධාවනය තහනම්.
  • කුඩයක් අතැතිව ගමන් නොකරන්න.
  • ළදරුවන් සහ ළමුන් සැමවිටම ආරක්ෂක හිස්වැසුම් පැළඳිය යුතුය.

තවත් අයිතම තිබේ.

ඉහත කරුණු සම්බන්ධයෙන් වැඩිවිස්තර සදහා

සංක්‍රමණ සේවා නියෝජිත ආයතනයේ විදේශිකයන් සඳහා වන එදිනෙදා ජීවිතය සම්බන්ධ තොරතුරු දැක්වෙන වෙබ්අඩවිය ඔස්සේද ඔබට ප්‍රවාහනය සම්බන්ධ තොරතුරු ලබාගත හැක.

「රැකියා හා එදිනදා ජීවිතය සම්බන්ධ අත්පොත」(සංක්‍රමණ සේවා නියෝජිත ආයතන වෙබ්අඩවිය)

විදේශිකයන් සඳහාවූ ඉබරකි ජාත්‍යන්තර සංගමයේ වෙබ්අඩවිය”රියදුරු බලපත්‍රය, රථවාහන නීති” පිළිබඳව විදේශික පදිංචිකරුවන් සඳහා වත්මන් තොරතුරු මෙමගින් ලබාගත හැක.
※ඉංග්‍රීසි, චීන, පෘතුගීසි, ටගාලොග්, තායි, ස්පාඤ්ඤ, කොරියානු, ඉන්දුනීසියානු සහ වියට්නාම භාෂාවෙන් තොරතුරු ලබාගත හැකි අතර ඒ සඳහා එක් එක් භාෂාවට අදාළ පිටුව බලන්න.)

විදේශිකයන් සඳහාවූ ඉබරකි ජාත්‍යන්තර සංගමයේ වෙබ්අඩවිය

තවද ඉබරකි හි විදේශිකයන් සදහා වූ උපදේශන ආයතනය මගින් ඔබට මසකට දෙවරක් නොමිලේ නීතිඥවරයෙකුගෙන් උපදෙස් ලබා ගත හැකිය. ඔබට උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නම්, කරුණාකර කලින් දිනයක් වෙන්කරවා ගන්න.මෙහිදී ඔබට නොමිලේ නීති උපදේශානය ලබාගත හැක.

ජාත්‍යන්තර සංගමයේ වෙබ්අඩවිය නීතිඥයෙකු විසින් නොමිලේ නීති උපදේශනය