විදේශිකයන් සඳහා නොමිලේ විශේෂඥ උපදේශන දිනය
කමිසු නගරයේ විදේශිකයන් සඳහා නොමිලේ පවත්වනු ලබන එක් දින විශේෂඥ උපදේශනය
ඔබට විවිධ් අංශයන්ට අදාල විශේෂඥයන් හා කථාකිරීමට හැකි අතර එහිදී පරිවර්තකයෙකුද ලබාගත හැක. සියලුම සේවා නොමිලේ වන අතර ඔබ ලබදෙන සියලු තොරතුරු රහසිගත වේ.
ඔබට උපදේශනය ලබාගත හැකි දිනය
පෙබරවාරි 8, 2026 (ඉරි) 10:00 – 15:00
ලියාපදිංචිය 14:30 දක්වා
ස්ථානය
කමිසු බෝසයි අරීනා
කමිසුශී කිසකි 1219-7

දුරකථන අංකය
070-4002-2547
මෙම අංකයට කතාකර හැකි වන්නේ පෙබරවාරි 8 වැනිදා පමණි.
ඔබට උපදේශනය ලබාගත හැකි අංශයන්
වීසා, රැකියාව, විවාහය, බදු, රක්ෂණ සහ එදිනෙදා ජීවිතයේ ගැටලු ගැන කතා කළ හැකිය.