විදේශික උපදේශන මධ්‍යස්ථානය - මාර්ගෝපදේශය

විදේශික උපදේශන මධ්‍යස්ථානය – මාර්ගෝපදේශය

මෙහිදී විදේශිකයන්ට ජපන් ජීවිතයේදී ඔවුන් මුහුනදෙන ගැටලු ඔවුන්ගේම භාෂාවෙන් සාකච්ඡා කලහැකිය.
මෙම සේවාව ලබාගැනනීම සදහා ඔබට කිසිදු මුදලක් අයවන්නේ නැත.
(දුරකථන ගාස්තු අයවේ.).
රජයේ කාර්යාලයක් හෝ පාසලක් සමඟ කතා කරන විට, ඔබට ට්‍රයිෆෝනයක් භාවිතා කළ හැකි අතර ඔබ සමඟ කතා කිරීමට පරිවර්තකයෙකු අප සේවාවෙන් ලබාගත හැක.

  • මෙහිදී සේවාව ලබාගත හැකි භාෂාවන් – ජපන්, ඉංග්‍රීසි, චීන, පෘතුගීසි භාෂාව, තායි භාෂාව , ස්පාඤ්ඤ භාෂාව, කොරියානු භාෂාව, ඉන්දුනීසියානු භාෂාව, වියට්නාම භාෂාව, ආදිය.
    ※පරිවර්තකයන්ගේ සේවාව ලබාගතහැකි දිනයන් ඔබට අවශ්‍ය භාෂාව අනුව වෙනස්විය හැක. 
  • උපදේශන වේලාවන් සඳුදා-සිකුරාදා 8: 30-17: 00
    (සෙනසුරාදා, ඉරිදා, රජයේ නිවාඩු දින, 12/29 සිට 1/3 දක්වා වසා ඇත)
  • සාකච්ඡා කළහැකි අන්තර්ගතයන් – {වීසා සම්බන්ධ ගැටළු, විවාහය/ දික්කසාදය සම්බන්ධ ගැටළු, පවුල සම්බන්ධ ගැටළු, රැකියාවේ ගැටළු, පාසල සම්බන්ධ ගැටළු, සහ දෛනික ජීවිතයේ ගැටළු}
  • උපදේශන ක්‍රමය – විදේශික උපදේශන මධ්‍යස්ථානයට පැමිණ සාකච්චා කරහැක. එසේත් නැතිනම් ඔබට දුරකථනයෙන් අප හා සම්බන්ධ විය හැක.
  • ලිපිනය -{(කෝසෛ)ඉබරකිකෙන් කොකුසයි කෝරියු කියෝකයි ගයිකොකු ජින් සෝදන් සෙන්තා (මිතෝශී සෙන්බචෝ උෂිරෝගව 745 ද හිරොසව සිටි කෛකන්බුන්කන් 2 කයි)}
  • දුරකථන අංකය 029-244-3811
  • FAX අංකය 029-241-7611

නීතිඥයෙකුගෙන් නොමිලේ නීති උපදෙස් ලබාගැනීම.

ඔබට විශේෂඥ උපදෙස් අවශ්‍ය නම්, ඔබට නීතිඥයෙකුගෙන් උපදෙස් ලබා ගත හැකිය (එක්වරකට විනාඩි 30 දක්වා). උපදේශනය නොමිලේ.
නීතිඥවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කල්තියා දිනයක් වෙන් කරවා ගැනීම අවශ්ය වේ. දිනයක් වෙන් කරවා ගැනීම සඳහා විදේශිකයන් සදහා වූ උපදේශන මධ්‍යස්ථානය අමතන්න. ඔබට පරිවර්තකයෙකු අවශ්‍ය නම්, ඒ සදහා විමසන්න .

  • ප.ව 1:30 සිට ප.ව 3:30 දක්වා මසකට දෙවරක් උපදේශනය ලබාගත හැක .
    නීතිඥ උපදේශනය ලබාගත හැකි දිනයන්  
  • උපදේශන ක්‍රමය : අන්න්තර්ජාලය ඔස්සේ හෝ කාර්යාලයවෙත පැමිණ සාකච්චා කිරීම.
  • ස්ථානය: ඉබරකි ජාත්‍යන්තර සංගමයේ විදේශිකයින් සදහාවූ උපදේශන මධ්‍යස්ථානය
    මිතෝ ශී සෙන්බචෝ උෂිරෝකව 745
    ද හිරොසව සිටි බුන්ක කෛකන් ශාඛාව 2 වන මහල
  • දුරකථන අංකය : 029-244-3811
  • FAX : 029-241-7611

නිවාඩු දිනයන්හිදී නීතිඥයෙකුගෙන් නොමිලේ නීති උපදෙස් ලබාගැනීම.

වාර්ෂිකව 2 වතාවක් නිවාඩු දිනයන්හි නීතිඥ උපදේශන සැසියක් පැවැත්වේ . ඔබට නීතිමය උපදෙස් ලබාගැනිමට අවශ්‍යනම් මෙයට සහබාගි විය හැකිඅතර අවශ්‍යනම් පරිවර්තකයෙකුද ලබාගත හැක. මෙහිදී සියළුම සේවාවන් නොමිලේ ලබාගත හැක.
උපදේශන සැසිය පැවැත්වෙන දිනය සහ ස්ථානය පිළිබද විස්තර පෝස්ටර්, පත්‍රිකා සහ සංගමයේ වෙබ් අඩවිය ඔස්සේ දැනගැනීමට හැක .

    උපදේශනය ලබාගත හැකි භාෂාවන් : ජපන්, ඉංග්‍රීසි, චීන, පෘතුගීසි, තායි, ටගාලොග්,ස්පාඤ්ඤ, කොරියානු, ඉන්දුනීසියානු, වියට්නාම, යානාදී භාෂාවන් .
    *මෙහි දැක්වෙන භාෂාවන් හැර වෙනත් භාශාවන් සදහා සේවාව ලබා ලබාගැනීමෙදී පරිවර්තන යන්ත්‍ර වැනිදෑ භාවිතා කරගනිමින් පරිවර්තන කාර්යය සිදුකරනබව කරුණාවෙන් සලකන්න.
  • සේවාව ලබාගත හැකි අංශ : පදිංචිය, නීතිය, රැකියාව, විවාහය, අධ්‍යාපනය සහ එදිනෙදා ජීවිතයේ ගැටළු සම්බන්ධයෙන්
  • විමසීම්: බරකි ජාත්‍යන්තර සංගමයේ විදේශිකයින් සදහාවූ උපදේශන මධ්‍යස්ථානය
    TEL 029-244-3811