උපදේශනය

විදේශික උපදේශන මධ්‍යස්ථානය – මාර්ගෝපදේශය

මෙහිදී විදේශිකයන්ට ජපන් ජීවිතයේදී ඔවුන් මුහුනදෙන ගැටලු ඔවුන්ගේම භාෂාවෙන් සාකච්ඡා කලහැකිය. මෙම සේවාව ලබාගැනනීම සදහා ඔබට කිසිදු මුදලක් අයවන්නේ නැත. (දුරකථන ගාස්තු අයවේ.).
රජයේ කාර්යාලයක් හෝ පාසලක් සමඟ කතා කරන විට, ඔබට ට්‍රයිෆෝන සේවාව භාවිතා කළ හැකි අතර ඔබ සමඟ කතා කිරීමට පරිවර්තකයෙකු අප සේවාවෙන් ලබාගත හැක.

මෙහිදී සේවාව ලබාගත හැකි භාෂාවන්

ජපන්, ඉංග්‍රීසි, චීන, පෘතුගීසි භාෂාව, තායි භාෂාව , ස්පාඤ්ඤ භාෂාව, කොරියානු භාෂාව, ඉන්දුනීසියානු භාෂාව, වියට්නාම භාෂාව, සිංහල භාෂාව ආදිය.
※පරිවර්තකයන්ගේ සේවාව ලබාගතහැකි දිනයන් ඔබට අවශ්‍ය භාෂාව අනුව වෙනස්විය හැක.

දුරකථන අංකය 029-244-3811(8:30-17:00)

සදුදා ජපන් භාෂාව/ඉංග්‍රීසි භාෂාව/වියට්නාම භාෂාව/චීන භාෂාව( ප.ව )
අගහරුවාදා ජපන් භාෂාව/ඉංග්‍රීසි භාෂාව/ස්පාඤ්ඤ භාෂාව/ක ාරියානු භාෂාව
බදාදා ජපන් භාෂාව/ඉංග්‍රීසි භාෂාව/තායි භාෂාව/චීන භාෂාව/වියට්නාම භාෂාව
බ්‍රහස්පතින්දා ජපන් භාෂාව/ඉංග්‍රීසි භාෂාව/තායිවානිස් භාෂාව/පෘතුගීසි භාෂාව/ඉන්දුනීසියානු භාෂාව
සිකුරාදා ජපන් භාෂාව/ඉංග්‍රීසි භාෂාව/තායි භාෂාව/සිංහල භාෂාව( ප.ව )

※මෙහි දැක්වෙන භාෂාවන් හැර වෙනත් භාශාවන් සදහා සේවාව ලබා ලබාගැනීමෙදී පරිවර්තන යන්ත්‍ර වැනිදෑ භාවිතා කරගනිමින් පරිවර්තන කාර්යය සිදුකරනබව කරුණාවෙන් සලකන්න.

උපදේශන වේලාවන්

සඳුදා-සිකුරාදා 8:30-17:00
※සෙනසුරාදා, ඉරිදා, රජයේ නිවාඩු දින, 12/29 සිට 1/3 දක්වා වසා ඇත

සාකච්ඡා කළහැකි අන්තර්ගතයන්

වීසා සම්බන්ධ ගැටළු, විවාහය/ දික්කසාදය සම්බන්ධ ගැටළු, පවුල සම්බන්ධ ගැටළු, රැකියාවේ ගැටළු, පාසල සම්බන්ධ ගැටළු, සහ දෛනික ජීවිතයේ ගැටළු

උපදේශන ක්‍රමය

විදේශික උපදේශන මධ්‍යස්ථානයට පැමිණ සාකච්චා කරහැක. එසේත් නැතිනම් ඔබට දුරකථනයෙන් අප හා සම්බන්ධ විය හැක.

ලිපිනය

(කෝසෛ)ඉබරකිකෙන් කොකුසයි කෝරියු කියෝකයි ගයිකොකු ජින් සෝදන් සෙන්තා

මිතෝශී සෙන්බචෝ උෂිරෝගව 745 ද හිරොසව සිටි කෛකන්බුන්කන් 2 කයි
දුරකථන අංකය 029-244-3811
FAX අංකය 029-241-7611